Conoce los temas, la historia y los sentimientos de esta canción.
පොලොව පලාගෙන | අහස වසාගෙන | මා ඔසවාගෙන
පොලොව පලාගෙන අහස වසාගෙන මා ඔසවාගෙන යන සුලගේ යාල් පානමට නුදුරේ අලි මංකඩ ලග වෙඩි සුලගේ තල් වැටෙන්ද මට වෙඩි වැදුනේ මට කියන්න මොකක්ද වැරද්ද මිතුරේ අදුරෙන් පිරි ඒ බියකරු රාත්රිය මතකය නොමැතිව යුද බිම මා කදුලින් හැඩවුව මාගේ හදවත වැලපෙයි නිරතුරු වෙඩිහඩ මැදිකර කොදුරයි තවමත් කදුලට පිටුපා පෙම් සිතුවිලි අද අලිමංකඩ ඉද නැතිවද සොදුරි පෙම් බස් දෙඩුමට කාලයෙ යුද ගිනි දැල් මැද කාලය ගෙවුනේ පාලුවෙන් තනිවයි සිරියා වටකර මිතුරු සෙබලට නොසිතූ විලසට කදවුර වටකර තනිකලෙ ඇයි මා සතුරු සෙබල අද දෑසට දෑසක් පෙනෙන පෙනෙන තැන අවසන් හුස්මින් වැතිරෙයි වෙඩි වැද කෙලෙසද මෙලෙසින් සමුගන්නේ අද ඉතිරිව ඇත මට අන්තිම උන්ඩය පොලොව පලාගෙන අහස වසාගෙන මා ඔසවාගෙන යන සුලගේ යාල් පානමට නුදුරේ අලි මංකඩ ලග වෙඩි සුලගේ තල් වැටෙන්ද මට වෙඩි වැදුනේ මට කියන්න මොකක්ද වැරද්ද මිතුරේ එක පතොරමක් අතැතිව තනි උන සොල්දාදුවෙකුගෙ ඉරනම මෙයද දැන් මම සිහින සොයා ආත්මය සනසා ගෙවු පැය විනාඩි ඉවර නියා මගෙ ජීවිතයේ අවසාන ඉමේශය මරනයෙ සිසිලට නතු වන්නේ කුරිරු රුකුසෙන් නසන අවියෙන්ම යුදවැද රගන නලුවා මේ විදවන්නේ දිනෙක පිපෙන හැම මලම රතුපාට වේවි දකින හැම දිනම කලුපාට වේවි උනන උනු කදුලු නොවැටී තියේවි සිනාවට අපව අමතක නොවේවි ලෙයින් පෙගුනු මිනීමලක් නෙලන්න අම්මගෙ කඩුලු ලග බවුන් වඩන්න කාටද ආස මිනී උඩ අඩන්න සාපය දෝන්කාරයක වැහෙන්න පොලොව පලාගෙන අහස වසාගෙන මා ඔසවාගෙන යන සුලගේ යාල් පානමට නුදුරේ අලි මංකඩ ලග වෙඩි සුලගේ තල් වැටෙන්ද මට වෙඩි වැදුනේ මට කියන්න මොකක්ද වැරද්ද මිතුරේ පොලොව පලාගෙන අහස වසාගෙන මා ඔසවාගෙන යන සුලගේ
Aún no hay pistas similares.