اكتشف قصة هذه الأغنية وموضوعاتها ومشاعرها.
ආදර අඹරෝරෙදි ඔබ මා මග හැර ගියදා | කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා | මේ සදකැල්මවත් මගෙ දුක දැක්කනම් එදා
ආදර අඹරෝරෙදි ඔබ මා මග හැර ගියදා කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා මේ සදකැල්මවත් මගෙ දුක දැක්කනම් එදා විදවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා. ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ උනුසුම විද විද සුවසේ පෙරලී හිද මා තුරුලේ හිනැහුනු තරමට ඔබගේ ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා අවරට යන හිරු සද වාගෙද මා දුටුවේ වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ පහසම පමණද පැතුවේ මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා
لا توجد أغانٍ مشابهة بعد.